gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෞභාග්‍යයේ දැක්මක් නෑ.. ජාවාරම්කාරුවන්ට ඇමතිලා වැඩ.. කෙලින් වැඩ කරන්න බෑ.. මට අස්වෙන්නැයි බලපෑම්..- ආයතන ප‍්‍රධානියෙක් මාධ්‍ය අමතයි.. (video)

අද සෞභාග්‍යයේ දැක්මක් නැති බවත් ආණ්ඩුව වැඩ කරන්නේ ජාවාරම්කාරයන්ට උවමනා විදිහට බවත් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මීට විරුද්ධව වැඩ කිරීම නිසා තමන්ට මරණීය තර්ජන ඇති බවද ළඟදීම අවාසිදායක ගිවිසුමක් අත්සන් කරන්නයි සූදානම් වන බවත් තමන් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල බවත් ඇමතිට අවශ්‍ය නම් අත්සන් කරගන්නැයි පැවසූ බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ලඟදීම කිරිපිටි, පාන් පිටි, සිමෙන්ති මිල ඉහළ දැමීමට සූදානම් බවත් පවසන ඔහු සතොස ආයතනයෙන් මීට පෙරද විශාල වශයෙන් භාණ්ඩ පන්නා කියා සිටියි.

සතොස ආයතනයෙන් සුදුළූණු පන්නා ව්‍යාපාරිකයන්ට දී ඔවුන්ගෙන්ම ආපසු වැඩි මිලට ගන්නා බවත් මේ හොරකම නැති කළ නොහැකි බවත් පැවසූ හිතට එකඟව තීරණ ගැනීමට නොහැකි බවද කියා සිටී.

අදාල සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka