රට දරුණු තත්ත්වයකට ගමන් කරමින් ඇතැයි, ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
හදිසි නීතිය පනවා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට පියවර ගැනීම නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ඉන් යම් සහනයක් ලැබෙනු ඇති වුවත් ඉතිහාසයේ අත්දැකීම් අනුව නම්, කියන කතා කෙරෙන දේවල් නොවන බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
”අනෙක් පැත්තෙන් බැලුවහම මේ උපරිම බද්ධ කෝටිපති කෙනෙකුට වුණත් 14% දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් මැද බර දාන්න ඕන මුලින්ම බර දරන්න පුළුවන් අයට ඉතින් ඇතිවන ලකුණු අනුව අපිට හිතන්න පුළුවන්. ඒ අයට බර දාන්නෙ නැතුව 14% ක් උපරිම ආදායම් බදු කියන්නේ ලෝකෙම අඩුම ආදායම් බදු තියන රටක් වෙනවා අපේ රට”
එමෙන්ම රජයේ දෙපාර්තමේන්තුවල වියදම කපා හැරීම තුළ සිදුවන්නේ, ව්‍යාපෘති නතර වීම සහ ව්‍යාපෘති නතරවීම තුළ ජනතාවට රැකියා අවස්ථා අහිමිවීම සිදු වන බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
”මේක එක්ක රජයේ දෙපාර්තමේන්තුවලටත් කියලා තියෙනවා වියදම කපන්න කියලා. වියදම කපනවා ඒ කියන්නේ ව්‍යාපෘති නවත්තලා, ඒව හරහා ජනතාවට රැකියා අවස්ථා ලැබෙන එක එන්න එන්නම බහිනවා. ඉතින් මේ වගේ දරුණු තත්ත්වයකට තමයි රටට ගමන් කරන්නේ”
