gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'තව සති 2ක් රට වහන්න' - සුදර්ශනී ආණ්ඩුවෙන් ඉල්ලයි!

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කළාය.

මෙය ඇගේ පෞද්ගලික අදහස බව ඇය සඳහන් කළාය.

ආචාර්ය ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මාලවිගේ මහත්මිය සිදු කළ පර්යේෂණ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන්ගේ 14% ක වර්ධනයක් පැවතුනද, මෙම අගය ජනගහනයෙන් අවම වශයෙන් 9 ගුණයකින් වැඩි බව මෙම පර්යේෂණයෙන් තහවුරු වන බවය.

ඩෙල්ටා ප්‍රභේදය ඉහළ යත්ම, කොපමණ ආසාදිතයන් සිටිය හැකිදැයි කිව නොහැකි බව ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අගෝස්තු 20 දා සිට ක්‍රියාත්මක කෙරුණු අතර එය සැප්තැම්බර් 6 දා ඉවත් කිරීමට නියමිතය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka