කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා එළැඹි ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (23) පස්වරුවේ පැවැත්වුණි.
සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විමල් වීරවංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු අදාළ ගිවිසුම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවය.
සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
“සන්ධානයේ ඔක්කොම නායකයෝ ටික එකතු කරලා සාකච්ඡා කළා. LNG බලාගාරය අපි කරන්න ඕන, අපේ සම්පත් පිටට නොදීමේ ප්‍රතිපත්තිය රකින්න ඕනේ කියලා. අත්සන් කිරීම එතරම් වැදගත් නෑ. අපේ තීන්දුවයි ප්‍රධාන”
බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ,
“මේ ගිවිසුම හරහා අමෙරිකාව විදුලිය දෙන එක නතර කළොත් අපිට විදුලිය නැති වෙනවා. ඒ විනාශයට අත උස්සන්න අපි සූදානම් නෑ.”
