ඇමරිකාවේ තානාපතිකමටත් රාජපක්ෂ පවුලේ කෙනෙක්!
මේ වන විට පුරප්පාඩු වී තිබෙන මෙරට ඇමරිකානු තානාපති ධූරයට රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු පත් කිරීමට යන බව පැවසේ. අප ලද ආරංචි මාර්ග වලට අනුව පැවසෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා එම ධූරයට වයස ගැටළුවක් නොකරගෙන දයාන් ජයතිලක වැනි රාජ්‍යතාන්ත්‍රිකයෙකු පත් කළ යුතු බවට සඳහන් කර ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතා දක්වන වෙනස් මතයක් හේතුවෙන් තවම ඇමරිකාවේ තානාපති ධූරය සම්බන්දයෙන් එකඟතාවයකට පැමිණ නැත. අවසානයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙන තෙක් මෙම තීරණය ගැනීමට පස්සට දමා ඇත. ඒ අනුව සංචාරය නිමවා අගමැතිවරයා ආපසු පැමිණීමෙන් පසු තානාපති තීරණය ගනු ඇත.
පසුගියදා අප වාර්තා කළ පරිදි ඇමරිකානු තානාපති ධුරය හෙබවූ රවිනාත් අරියවංශ මහතා මෙලෙස සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම හේතු කොට ගෙන මෙම පුරප්පාඩුව ඇති විය. විදෙස් කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ ඇති මත ගැටුමක් මුල් වීමෙන් ඔහුගේ සේවා කාලය දීර්ඝ නොවූ බව අප ලද ආරංචි මාර්ග වල පැවසිණි.
උපුටා ගැනීම : truenews
ඇමරිකාවේ තානාපතිකමටත් රාජපක්ෂ පවුලේ කෙනෙක්!
2021-09-16T14:23:00+05:30
Gossip Lanka Hot News





