කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
මෙම නිරෝධායන ඇඳිරි නිතිය කොන්දේසි වලට යටත්ව ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනු ඇති බවත්, එම කොන්දේසි කවරේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.
