දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන ඒකකය කියයි.
සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී කිසියම් අවශ්‍යතාවයකට දැරණියගල පොලොන්නරුව කඩයක් අසල සිය රථය නැවතූ අවස්ථාවේ එම ස්ථානයට ආ ඔහුගේ හිතවත් කාන්තාවක දැලි පිහියකින් පහරදීමට උත්සහ කළ බවත් එය වැළැක්වීමට යාමේදී නාසය කැපී ගිය බවත් සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකාර කාන්තාව ද දැරණියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් සභාපතිවරයා හා ඇය ළඟන් ඇසුරු කර ඇති බවත් වාර්තා වෙයි.
