gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාරාහේන්පිට අත්බෝම්බයේ සැකකරුට හිටපු LTTE සාමාජිකයෙක් දින 6ක පුහුණුවක් දීලා - (video)

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක් තුළින් අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලිහි පදිංචි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

රෝහලේ බෝම්බය තැබූ සැකකරු පවසා ඇත්තේ බෝම්බය ලබාදුන් එම පුද්ගලයා බෝම්බ තැබීම ගැන තමාට දින 6ක පුහුණුවක් ද ලබාදුන් බවය.

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී අත් බෝම්බයක් සොයා ගැනුනේ පසුගිය 14 වනදා ය.

බෝම්බයේ ආරක්ෂක ඇණය ගලවා එය දැල්වෙන මදුරු දඟරයක අමුණා පුපුරායන ලෙස සකස්කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පළමු සැකකරු පාපොච්චාරණයකර තිබුණේ ඒ ගැන පොලිසියට දන්වා තෑගි මුදලක් ලබාගැනීමේ අරමුණින් තමා එම අත්බෝම්බය රෝහලේ තැබූ බවය.

කොළඹ විජේරාම මාවතේ අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියා කටයුත්තකට එක්වූ අවස්ථාවක එම නිවසේ තිබී එම බෝම්බය හමුවූ බවත් ඔහු පවසා තිබුණි.

නමුත් රාජ්‍ය බුද්ධි සේවය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් කරුණක් හෙළිවී තිබේ.

ඒ, දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම සැකකරුගේ මුදල් අවශ්‍යතාව ප්‍රයෝජනයට ගෙන බෝම්බයක් පුපුරුවාහැරීමට තවත් පුද්ගලයෙකු උත්සාහකර ඇති බවය.

ඒ ඔස්සේ පළමු සැකකරුට අත් බෝම්බය ලබාදුන් බව පැවසෙන පුද්ගලයෙකු විමර්ශකයන් හඳුනාගෙන තිබේ. 

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්, ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේම පදිංචි එම පුද්ගලයා සොයා අද මෙහෙයුමක් අරඹන්නේ රෝහලේ අත් බෝම්බය තැබූ තැනැත්තා ද සිය භාරයේ රඳවා ගනිමිනි.

ඒ අනුව විමර්ශකයන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගත්තේය.

එහිදී අනාවරණ වන්නේ 40 හැවිරිදි එම සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවය.

ඔහු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අධීක්ෂණය යටතේ තිබූ ඉම්රාන් පාණ්ඩියන් බලකායේ සේවයකර ඇති බවත් විමර්ශකයින් හෙළිකරගෙන තිබේ.

රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පුද්ගලයා තමාට අත් බෝම්බය ලබාදී උප්පුවේලි ප්‍රදේශයේ හින්දු කෝවිලක් පිටුපස කැලෑබද භූමියකට තමාව රැගෙනගොස් අත් බෝම්බය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මූලික පුහුණුවක් ද ලබාදුන් බවය.

එම පුහුණුව දින 6ක් සිදු කළ බවත් එහිදී ගිනි අවිවල ඡායාරූප පෙන්වා ඒ පිළිබඳව තොරතුරු රැසක් ද පැවසූ බවත් ඔහු පවසා තිබේ.

එලෙස මුලික පුහුණුවක් ලබාදුන් බව පැවසෙන භූමිය පිළිබඳව ඔහු අද විමර්ශකයින් ට තොරතුරු ලබාදුනි.

කෙසේ වෙතත් මෙම ප්‍රධාන සැකකරුට අත්බෝම්බය ලබාදුන්නේ අද අත්අඩංගුවට ගත් පුද්ගලයාමද, නැතහොත් සැකකරු පෙර ප්‍රකාශ කළ පරිදි අමාත්‍යවරයෙකුගේ නිවසින් මෙම බෝම්බය ලබාගත්තේද යන්න සම්බන්ධයෙන් විමර්ශකයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka