gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විභාගයේදී සිංහල ළමයින්ටත් බැරිවූ දෙයක් මුස්ලිම් සිසුවිය කර පෙන්වයි!

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.

ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි.

පවුලේ දෙවැනියා වු අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්දයෙන් මෙසේ කියා සිටියාය.

මම විභාගයට පෙර සිටම අරමුණක් තිබුණා. එක අරමුණක් සිට කටයුතු කළා .ඉලක්කයත් තිබුණා. වැඩිපුර විභග ප්‍රශ්න පත්‍රවලට හොදින් පෙනි සිටියා .බුද්ධ ධර්මය විෂය ඉගැන්වු ජිනරතන ස්වාමින් වහන්සේ ,ඉදුනිල් ,නුවන් , සුපුන් ,නලින් ,ලාලක, පංතිභාර ගුරුතුමා සුපුන් සර් ,අංශ ප්‍රධාන මංජුල යන සර්ලා මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා .මට යාලුවෝ වගේ උදව්කලා .මට නිදහසේ අධ්‍යපන කටයුතු කරගන්න උදව්කරපු මගේ මව්පියන්ට ස්තුතිය පුදකර සිටිනවා.

ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම ඉල්ලවනවා. මගේ බලාපොරොතුව ඉංජිනේරුවරියක් වෙන්න . ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා .-ලං


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka