gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපට වුනේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්.. දැන් ඡන්දයක් තිවුවොත් බලාගන්න පුළුවන් - මුරුත්තෙට්ටුවේ හිමි

තමන් වහන්සේලාට සිදු වී ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වැඩක් යැයි ද මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතාව සිටින තැන දැන ගැනීමට හැකි වනු ඇතැයි ද අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මතින් ඉදි කිරීමට යෝජනා වූ ශරීර සුවතා මංතීරුවට විරෝධය පළ කරමින් උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක කදුරුවෙල පන්සලේ විහාරාධිපති ධම්මපාල හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය අභයාරාමයේ දී සංදේශයක් භාර දුන් අවස්ථාවේ දී ය.

පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ලෙස ද ධම්මපාල හිමියෝ කටයුතු කරති.

තමන් වහන්සේලා ආණ්ඩුවක් පත් කර අපේක්ෂා කළේ මෙවැනි දේවල් නොවන බව කී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මහාසංඝරත්න ඉදිරියට පැමිණියහොත් ඕනෑම කෙනකු දණගැස්වීමේ හැකියාව ඇතැයි ද සඳහන් කළහ.

.“අපි හොඳ දේට හොඳයි කියනවා. නරක දේට නරකයි කියනවා. රට විනාශයි කියන සටන් පාඨය එදා ජනතාව අතරට අපි ගෙනිච්චෙ. වෙච්ච දේත් දන්නවා. වෙන්න යන දේත් දන්නවා. ඒකෙන් මුදාගන්නයි මේ ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා සිටින්නේ.

දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ වෙන්න යන දේ වළක්වා ගන්නයි” යැයි ද පැවසූ උන්වහන්සේ

කුමන ආකාරයේ තාන්න මාන්න වරප්‍රසාද ලැබුණත් තවමත් බහුතරයක් මහාසංඝරත්නය මේ රට ගැන කැක්කුමකින් වැඩ කරන බවත් සඳහන් කළ එහිමියෝ56 විප්ලයට ආරම්භ කළේ හත් නමකගේ මූලිකත්වයෙන් යැයි ද ඒ සඳහා අදත් බැරිකමක් නැතැයි ද පැවසූහ.

– aruna


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka