gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෑත ඉතිහාසයේ විශාලම භූකම්පනයෙන් ඕස්ට්‍රේලියාව දෙදරා යයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී  භූමිකම්පාවක් ඇති වෙලා.

එම නිසා නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුව තිබුණු බවයි වාර්තා වන අතර ගිණිකොන දිග ඕස්ට්‍රේලියාවේ රික්ටර් පරිමාණ 5.8 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

භූමිකම්පාව සිදු වූයේ අද (22) වික්ටෝරියානු ප්‍රාන්ත අගනුවරට නුදුරින් පිහිටි මෑන්ස්ෆීල්ඩ් හිදී වන අතර එරට වෙලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූකම්පනය ඇතිවී තිබුණා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ "බරපතළ තුවාල ලැබූවන් පිළිබඳව අපට වාර්තා වී නැති බවත් එය ඉතා හොඳ ආරංචියක්" බවයි.

භූමිකම්පාව අසල්වැසි දකුණු ඕස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් (එන්එස්ඩබ්ලිව්) වෙත ද දැනී තිබුණා.

ඉන් පසුව රික්ටර් පරිමාණ 4.0 සහ 3.1 ක පසුකම්පන දෙකක් සිදු වී තිබුණා.

මෑත වසරවලදී මෙය ඕස්ට්‍රේලියාවේ සිදු වූ විශාලතම භූමිකම්පාවක් වන නමුත් එය සැලකිය යුතු හානියක් සිදු කළ බවක් වාර්තා වී නැහැ.

එක්සත් ජාතින්ගේ මහ සමුළුවට එක්ව සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යරයා විසින් අමෙරිකාවේ සිට ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඕස්ට්‍රේලියාව තුළ භූමිකම්පා දුර්ලභ නොවන අතර එය ඉතා කරදරකාරී සිදුවීමක් පමණක් විය හැකි බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka