gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාංකික තරුණයෙක් කොරෝනා වනසන යන්ත්‍රයක් නිපදවයි

අප අවට පරිසරයේ පවතින කොරෝනා වයිරසය විනාශ කර විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක්  නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු සමත් වී ඇත.

පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙකක් නිර්මාණය කර ඇත.

පාසල් අධ්‍යාපනයේ සිටම කාර්මික ශිල්පයට හිත යොමු කළ මෙම තරුණයා කොවිඩ් වසංගතය අප රටට පැමිණි දා එම වයිරසයට අභියෝග කළ හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණ සිදුකිරීමට අධිෂ්ඨාන කර ඇති මෙම තරණයා  මේ වන විට කටයුත්ත සාර්ථක කරගෙන ඇත.

වාතයට මුසුවන වයිරසය සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන ( virus air burnable automatic machine ) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වයිරස් සහ බැක්ටීරියා විනාශ කරන ,විසබීජහරණ ස්වයංක්‍රීය උපකරණය ඔහුගේ නිර්මාණයන්ය

බොරැල්ල සුසමවර්ධන මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාගමක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරා ඇති ඔහු පසුව ජපානයට ගොස්  මෝටර් කාර්මික සහ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ඔහු හදාරා ඇත.

මැලේසියාවට  යන්ත්‍ර සූත්‍ර පුහුණු පාඨමාලාවක් ද ඔහු ලබා ගෙන ඇත.

කොරෝනා වයිරසය අපේ රටට දැනෙන තරමට ව්‍යාප්ත වීමත් සමඟම සිය දැනුම සහ වෘත්තීය අත්දැකීම් එකතු කර වයිරසය පරාජය කළ හැකි යම් උපකරණයක් නිපදවන්න කටයුතු කළ ඔහු  එහි ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකුගෙන් වාතයට මුසු වන බැක්ටීරියා සහ වයිරස් තප්පර කීපයේදී විනාශ කරන යන්ත්‍රයක් නිපදවීමට හැකියාව ලැබුණු බව ඔහු පවසයි.

යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර තිබුණොත් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියොත් එම උපකරණයට හැකියාව තියෙනවා ක්ෂණිකව කැස්ස හෝ ගිවිසුම හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා එහි වාතය සහිත වයිරස් විසබීජ එම උපකරණයට ඇදගෙන වයිරස් සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කරන්න මෙම උපකරණයට හැකියාව ඇතැයි ඔහු කියයි. මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය  සිදුවන බව ද පවසයි.

අඩි හතළිහක් පනහක් පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.

මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජ හරණය කර නැවත පැළඳීමේ හැකි තත්වයට ගෙන ඒමේ හැකියාවත තිබෙනවා. ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක්.

මුදල් සහ  ලිපි ලේඛන යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වයිරස් විනාශ කිරීමේ හැකියාව මෙම යන්ත්‍රය සතුව තිබෙනවා යැයි ද බුද්ධික පෙරේරා  මහතා පැවැසීය. 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka