ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)
LNG බලාගාරයෙන් 40%ක් ඇමරිකාවට දී තිබෙන කතාව ඇත්තක් බවත් එලෙස කටයුතු කිරීමේ කිසි වැරද්දක් නැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය. ඊයේ (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
'' අපේ මැතිවරණ ප්‍රකාශය අරන් කියවන්න. එකේ ප්‍රධාන දෙයක් තමයි ජාත්‍යන්තර සමාගම් එක්ක එකඟ වෙලා රජය සහ පෞද්ගලික අංශය එකතු වෙලා සංවර්ධන කටයුතු කරනවා කියන එක. ඒක අපි මහ මැතිවරණයට කලින් කියපු එකක්. පහුගිය කාලේ තෙල් සංස්ථාවේ කළෙත් ඒකයි''
කෙසේවෙතත් මේ වන විට ආර්ථික වශයෙන් අමාරු තැනක සිටියද දේශීය සම්පත් විකිණීමක් නොකරන බවද ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
ඔව් අපි LNG බලාගාරයෙන් සියයට 40ක් ඇමරිකාවට වික්කා.එකේ කිසිවැරද්දක් නැහැ - ලොකුගේ (VIDEO)
2021-09-26T07:50:00+05:30
Gossip Lanka Hot News






