gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමලවීර දිසානායකට සහ කෝකිලා ගුණවර්ධනට එරෙහිව හිටපු ඇමති රවීගෙන් එන්තරවාසි

සාවද්‍ය ප්‍රකාශයක් මගින් තම කීර්ති නාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් හිටපු  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ. 

හිටපු අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් මඟින් මේ බව සඳහන් කර ඇත. 

ඒ අනුව අදාළ සාවද්‍ය ප්‍රකාශය මගින් තම කීර්තිනාමයට සිදුකළ හානිය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුලත රු. මිලියන 2000 බැගින්, මිලියන 4000 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දී ඇත්තේ. 

 පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සදහා බදු අඩු කිරීම,  සීනි ආනයනය,ගබඩාකරණය  වංචනික ලෙස සිදුකිරීම, ළගම මිතුරන් සහ සමාගම්වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්,  2021.08.07 දින දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාස සිදුකර ඇති අතර, ඒ හා සමාන සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් 2021.08.05 දින හිරු නාලිකවේ ප.ව. 6.55  ප්‍රවෘත්ති විකාශයන්හිදී  හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප්‍රකාශයන් සිදුකර තිබෙන බවයි හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සඳහන් කරන්නේ. 


 
මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකල අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුව ඇති අතර එමගින් කරුණානායක මහතාගේ  මානසිකත්වයටද දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පෙන්වා දී ඇත. 

රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි  බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය ඉතාමත් දැඩි බව එම නිවේදනයේ දක්වා තිබේ. 

kokila gunawardena contact number
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka