කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් දැන් පවතිනවා... පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැඳී සිටීම පිළිගන්න බෑ - (video)
පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන ගොස් කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් පවතින බව කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණෝ සදහන් කරති.
ඒ හරහා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙනත් මඟකට යොමු කිරීමේ උත්සාහයක් පවතින්නේද යන්න සැක මතුවන බවද උන්වහන්සේ කීහ.
මේ වනවිට මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්, එය අමුතුවෙන් ජාත්‍යන්තරකරණය කිරීමට දෙයක් නැති බවත් කී උන්වහන්සේ ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන විමර්ශනය කරන බව කීවත් එය රටේ සිදු නොවන බවත් උන්වහන්සේ කීහ.
මෙය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැදී සිටීම පිළිගත නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.
අර්බූදයක් නිර්මාණය කොට බලයට පැමිණියහොත් අර්බූූදයකින්ම විනාශ වන බවද හිමිපාණෝ කීහ.
කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් දැන් පවතිනවා... පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැඳී සිටීම පිළිගන්න බෑ - (video)
2021-09-25T13:20:00+05:30
Gossip Lanka Hot News






