මේ ඔලමොට්ටල තීරණ ගන්නේ කවුද?...බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ - ගීතා කුමාරසිංහ
මත්පැන් හල් විවෘථ කිරීම හරියට විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් පත් කළා වගේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.
සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර එක්රැස් කල වැවක් එකවරම වතුර ඇර අස්වැන්න පාළු කරගත්තා වගේ වැඩක් සිදුකර ඇතැයි ද ඇය සඳහන් කළාය.
මෙම ඔලමොට්ටල තීරණ ගන්නේ කවුදැයි දැන ගන්න කැමති බවද පැවසූ ඇය මෙවන් වැඩ වලින් මන්ත්‍රීවරුන් ලෙස තමනට ගමට යන්න බැරි වන බවද කියා සිටියාය.
ඇය මේ බව පැවසුවේ බෙන්තර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
මේ මොහොතේ සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම තකතීරුවෙකුට තේරෙන බවත් බාලංශ ළමයෙක් වුවත් ඒ බව පවසන බවත් ඇය කියා සිටියාය.
මේ ඔලමොට්ටල තීරණ ගන්නේ කවුද?...බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ - ගීතා කුමාරසිංහ
2021-09-20T11:33:00+05:30
Gossip Lanka Hot News






