gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ හදිසියෙන් ඉන්දියාව අවුලක! එවපු බඩුවලට තවම සල්ලි ගෙවලා නෑ!

ශ්‍රී ලංකාව ‘ආර්ථික හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්දියාවේ අපනයන හා ආනයන සඳහා බලපෑම් එල්ල විය හැකි බව ඉන්දියාවේ ‘ප්‍රමුඛතම පුවත්පතක් වන ‘ද හින්දු’ පෙන්වා දෙයි. ඊට අමතරව දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති, ඛනිජ තෙල්, සිල්ලර වෙළෙඳාම, සංචාරක සහ හෝටල්, නිෂ්පාදන, නිශ්චල දේපළ සහ මූල්‍ය සේවා වැනි ක්ෂේත්‍රයන්හි ආයෝඡනවලටද ‘නරක ලෙස’ බලපෑම් එල්ල විය හැකි බවද, ‘ද හින්දු’ ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම ඉන්දීය අපනයනකරුවන් සිය ගෙවීම් ඇණහිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව පුවත්පත පෙන්වාදෙයි.

“අත්‍යවශ්‍ය නොවන වාහන ආනයනය කිරීම වැනි ආනයනයන් නවත්වන බවට ශ්‍රී ලංකාව පසුගිය වසරක සිට කරන ප්‍රකාශ අපි දුටුවෙමු. කෙසේවෙතත්, ඉන්දියාවෙන් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතී. නමුත් දැනටමත් බොහෝ ඉන්දියානු අපනයනකරුවන්ට ගෙවීම් නොලැබීම නිසා ගැටලු උග්‍ර වී තිබේ.ගෙවීම් ලැබෙන්නේ කවදාදැයි ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.” යැයි ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අජේ සහයි එම පුවත්පතට පවසා ඇත.

විදේශ මුදල් ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට බලපෑ කොවිඩ් -19 අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථික අසීරුතාවයන්ට අර්ධ වශයෙන් හේතු වී තිබෙන බවත්, වැඩිවන විදේශ ණය අර්බුදය ගැටලුව වඩාත් තීව්‍ර කරන බවත් පෙන්වා දෙන ‘ද හින්දු’ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනිකකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka