gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට් ගැන මාලිංගගෙන් සටහනක්!

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 48 වන වියෙහි පසු වූ ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කරගැනීමට උදව් කළ බවත් ඔහුගේ අභාවය සම්බන්ධයෙන් බෙහෙවින් කණගාටු වන බවත් අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවිඩයේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණි.

එහි දැක්වෙන්නේ,

“2008 දී මගේ පාදයේ injury එක…ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.”

“ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා…”

2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka