gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොවිඩ් නිසා දැරියන් ‘ඥාතීන් අතින් අතවරයට ලක් වන’ ප්‍රවණතාවක්!

කොවිඩ් වසංගත සමයේ දරුවන් පාසල් නොයන බැවින් නිවසේ හුදෙකලා වෙන අවස්ථාවලදී කිට්ටුම ඥාතීන් හෝ හිතවතුන් අතින් අතවරයට ලක්වන ප්‍රවණතාවක් දක්නට ඇති බව බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍ර.පො.ප. පාලිකා රාජපක්ෂ මහත්මිය පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

එබැවින් මෙම අවධියේදී මවුපියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් දැක්විය යුතු බවයි ඇය සඳහන් කර ඇත්තේ.

අද (23) පුවත්පත් වාර්තා අතර එවන් සිදුවීම් කිහිපයක් දක්නට ඇති අතර ඉන් එක් සිදුවීමක් වාර්තා වන්නේ ද බළන්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙනුයි.

බළන්ගොඩ, රාස්සගල ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කර ඇය ගැබිනියක් බවට පත් කළ ඇගේම 74 හැවිරිදි සීයාව බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඉන් එක් පුවතක් වනවා.

අද දිනයේම පළ වන තවත් පුවතක සඳහන් වන්නේ තම දියණියගේ 11 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බව කියන 54 හැවිරිදි පුද්ගලයකු ද මීගොඩ පොලිසිය මඟින් ඊයේ (22දා) සැකපිට අත්අඩංගුවටගත් බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka