gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලපෙරේතකමට පොහොට්ටුවට හේත්තු වෙන ශ්‍රිලනිප නායකයන්ට වෙනදේ මම කීවේ අවුරුදු තුනකට කලින් – චන්ද්‍රිකා කියයි

තමන් නියෝනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයන් එදා පොහොට්ටුව සමග එකතු වුණේ තනිකරම බල තන්හාව නිසා බවත් ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් හෝ දූරදර්ශීභාවයකුත් නොමැති අතර ඇත්තේ තනිකරම බල පෙරේතකම පමණක් බවත් හිටපු ජනාධිපතිතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයන් බවත් ඔවුන්ට එයින් ගැලවීමේ හැකියාවක් නොමැති බවත් ඇය සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසන්නීය.
ඇය එහිදී දැක්වා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“ මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ඇසූ පැනයකට මා ලබා දුන් පිළිතුර පහත දක්වමි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා.

මම කිසිදු විටෙක පක්ෂයෙන් ඉවත් වී නැහැ. මම අදටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. ඒත් 2018 වසරේ ජූනි මාසයේ සිට පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට හෝ රැස්වීමකට මට ආරාධනා ලැබෙන්නේ නැහැ. අපේ තාත්තා, අම්මා, මල්ලී සහ මම අවුරුදු 85කට ආසන්න කාලයක් නියෝජනය කළ අත්තනගල්ල ආසනයේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මාව ඉවත් කළා.
ඒ ඉවත් කළේ මම පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කතා කළ නිසා. පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියයට අනූවක් විරෝධතාව ප්‍රකාශ කර තිබියදී, පක්ෂයේ කිසිදු නීත්‍යනුකූල අනුමැතියකින් තොරව පොහොට්ටුව සමග ගිවිසුම්ගත වීමට විරුද්ධ වීමයි, අපි කළ වරද. ස්වාධීනව සිට පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන ලෙසයි අපි ඉල්ලා සිටියේ. පොහොට්ටුව සමග සන්ධානගතවීමෙන් අපේ පක්ෂය විනාශ වන බව අපි අවධාරණය කළා. අපි එදා වසර තුනකට කලින් කියපු දේ අද ඇත්තක් වෙලා තිබෙනවා. ඒගොල්ලොත් අද ඒ දේ පිළිගන්නවා.
අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුනේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.
මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.
මේ අවස්ථාවාදී, බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙලා, දූශ්‍ය නොවූ, ඇත්තටම පක්ෂයට ආදරය කරන, ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට මේ පක්ෂය භාර දිය යුතුයි. මේ බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න බැහැ. මෙවැනි අය සමග කටයුතු කර මගේ වේලාව නාස්ති කරන්න මම සූදානම් නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka