“යකඩ මිනිසා“ ගැන අහන්න CIDයට කැඳවූ චම්පිකගෙන් පැය තුනක ප්‍රකාශයක් - (video)
අද උදේ රහස් පොලිසියට කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගෙන් පුරා පැය 03ක් තිස්සේ ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ කැඳවා තිබුණේ යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.
ප්‍රකාශය ලබා දීමෙන් පසු මන්ත්‍රීවරයා නික්ම ගියේය.
“යකඩ මිනිසා“ ගැන අහන්න CIDයට කැඳවූ චම්පිකගෙන් පැය තුනක ප්‍රකාශයක් - (video)
2021-09-24T13:40:00+05:30
Gossip Lanka Hot News






