ෆෝන්-ගෘහ විදුලි උපකරණ-රෙදිපිළි ඇතුළු භාණ්ඩ රැසක හිඟයක් අතළඟ! ගෙන්වීමේදී සියයට සියයක තැන්පතුවක් පනවයි!
අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතට ගැනෙන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදීය.
2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්වීමේදී ඒ බව තීරණය කර තිබේ.
ෆෝන්-ගෘහ විදුලි උපකරණ-රෙදිපිළි ඇතුළු භාණ්ඩ රැසක හිඟයක් අතළඟ! ගෙන්වීමේදී සියයට සියයක තැන්පතුවක් පනවයි!
2021-09-09T19:11:00+05:30
Gossip Lanka Hot News