gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජයන්ත සමරවීර ඇප මත නිදහස් වීමේ කතා වස්තුව ...

පසුගිය යහපාලන රජය සමයේ 2016 සැප්තැම්බර් 28 වනදා එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයන්ත සමරවීර මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැණිනි. ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදු කළ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙනි.

ජයන්ත සමරවීර යනු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා ය.

විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබුණේ ජයන්ත සමරවීර මහතාව වූ අතර විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන්ට සහ ජාතික නිදහස් පෙරමුණේ ඉහළ සාමාජිකයින්ට රජයේ මුදලින් විවිධ වරදාන වරප්‍රසාද ලබාදීම පිළිබඳව චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබිණි. 

අත් අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් දැඩි ඉන්දියානු විරෝධී කතාවක් අවුස්සා දෑත් උස්සාගෙන හිරගෙට ගිය ද පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සඳහා ඇප ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බව ජයන්ත සමරවීරත් දැනගෙන සිටියේය. ඇතුළට ගිය මොහොතේ සිට ජයන්ත සමරවීරව එළියට ගන්නා ක්‍රමයක් සොයමින් සිටි ඔහුගේ පාර්ශ්වය අවසානයේ හැරුණේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතය.

ඒ අනුව ඔවුන් හොඳින් දන්නා හඳුනන එක්තරා අයෙකුගේ දුරකථනයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අමතා යම් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව 2016 ඔක්තෝබර් 24 වනදා වනවිට ජයන්ත සමරවීර මහතාව ඇප මත නිදහස් කෙරිණි. ජයන්ත සමරවීර මහතාගේ පාර්ශ්වය මෙය තදින්ම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් රනිල්ව ඇමතුවේ කාගේ දුරකථනයෙන්දැයි පැවසීමටත් අපට පුළුවන.

මෙහි ඇති හොඳම කතාව මෙය නොවේ. මෙසේ ඇප ලබාදීමට මැදිහත් වීමේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අපූරු කොන්දේසියක් ද ජයන්තලාගේ පාර්ශ්වයට ඉදිරිපත් කර තිබිණි. ඒ, "ඔයගොල්ලො දිගටම මටත් ගහගෙන යන්න. නැත්තං මිනිස්සුන්ට සැක හිතෙයි" යනුවෙනි.

ඒ අනුව "අපි රනිල් එක්ක ඩීල් දැම්මා නම් අපි රනිල්ට එහෙම ගහයිද ? මෙහෙම ගහයිද ? අපි කොච්චර රනිල් වීරෝධීද ?" යනාදී වශයෙන් කයිවාරු ගසනා බොහෝ අයගේ කතාව මේකය. කොටින්ම කිව්වොත් ඒ ගැහිලි පවා අන්තිමේදී ඩීල් එකේ කොටස් ය. 
-lankanewsweb

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka