සන්ෂයින් සුද්දාට කොවිඩ්
මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් ඊයේ දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු පෙරේදා (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි.
සන්ෂයින් සුද්දාට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ලවිනි.
31 හැවිරිදි ඔහු, මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය.
සන්ෂයින් සුද්දාට කොවිඩ්
2021-09-05T10:39:00+05:30
Gossip Lanka Hot News






