gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොරගොඩට දෙන්න කී කැබිනට් වරප්‍රසාද ඉන්දියාව ප්‍රතික්ෂේප කරලා!

මාස 14කට පසු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය බාර ගනිමින් නවදිල්ලිය බලා පිටත්ව ගිය මිලින්ද මොරගොඩ මහතාගේ ධුරයෙහි ඇති ඇතැම් බලතල ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මිලින්ද මොරගොඩ මහතාගේ මහකොමසාරිස් ධූරය කැබිනට් ඇමැතිවරයකුගේ බලතල සහිතව පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණු අතර එය පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන්ද ඉල්ලීමක් කොට තිබිණ.

එවැනි පත්කිරීමක් ලැබූ පළමු තානාපතිවරයා වන්නේ මිලින්ද මොරගෙඩ මහතාය.

ඒ අනුව අදාළ ලිපිලේඛන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට යවා තිබුණද එහි ඇතුළත් ‘කැබිනට් වරප්‍රසාද’ වගන්තිය පිළිගත නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ වගන්තිය නොමැතිව නව ලිපිලේඛන ගොනුවක් යළිත් එවන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇතැයි පැවසේ.

එසේ නොමැතිව අදාළ ලිපිලේඛන ඉන්දීය ජනාධිපතිවරයා වෙත යැවිය නොහැකි බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙරටට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයකුට අක්තපත්‍ර පිළිගන්වනු ලබන්නේ ඉන්දීය ජනාධිපතිවරයා විසිනි.

ඒ අනුව මෙතෙක් ඉන්දීය ජනාධිපතිවරයා විසින් මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර ලබා දීම මෙතෙක් සිදුකොට නොමැති බවද වාර්තා වේ.

මූලාශ්‍රය - මව්රට
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka