සහල්, තිරිඟු පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කරන්න වෙයි. මේ සුමානේ තීන්දුව ගන්නවා - ඇමති
සහල්, තිරිඟු පිටි, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා තීන්දුවකට යෑමට සිදුව ඇති බවත් මේ සතිය තුළ එම තීන්දුව ගන්නා බවත් පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
"අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. ඉතිං ඒ පිළිබඳව අපි මේ සුමානෙ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, ඒවගේම පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා"
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
සහල්, තිරිඟු පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩි කරන්න වෙයි. මේ සුමානේ තීන්දුව ගන්නවා - ඇමති
2021-09-22T07:08:00+05:30
Gossip Lanka Hot News






