බීමත් ඇමති සමග වැලිකඩ එල්ලුම් ගස බැලුවේ පුෂ්පිකාද.. කැරලයින්ද…
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී කලහනාරී ලෙස හැසිරැනු අමාත්‍යවරයා සමග මෑතකදී මහත් ආන්දෝලනයකට ලක් වූ විවාහක රූ රැජිනක් සහ තවත් තිදෙනෙක් සිට ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
එම රාජ්‍ය අමාත්‍යවරයා මරණ දඬුවම නියම සිටින අපරාධකරුවන් රඳවා ඇති සිරකුටි මැදින් එල්ලුම් ගස අසලට ගොස් ඔහු සමඟ පැමිණි පිරිසට එල්ලුම්ගස පෙන්වා ඇති බවද සඳහන්ය.
අමාත්‍යවරයා අධික බීමතින් සිටි ඇති අතර ඔහු අතට ඇති ගිනි අවිය සමග අවස්ථා දෙකක දී බිම ඇද වැටී තිබේ.
මෑතක දී මෙරට වැඩි වශයෙන් අාන්දෝනයකට ලක් වූ විවාහක රූ රැුජිනන් වන්නේ ලෝක විවාහක රූ රැජන කිරුළ දිනු කැරොලින් ජුරි හා ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වායි.
ශ‍්‍රි ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී කිරුළ බලහත්කාරයෙන් ගැලවීම හා යලි පැලදවීම හේතුවෙන් එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කලේය.
-lankacnews
බීමත් ඇමති සමග වැලිකඩ එල්ලුම් ගස බැලුවේ පුෂ්පිකාද.. කැරලයින්ද…
2021-09-15T02:57:00+05:30
Gossip Lanka Hot News





