gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දව අවශ්‍යකර ඇති බවට ඉතාලියේ වීථි පුරා දැන්වීම් අලවයි - (photos)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව වහාම අවශ්‍ය බව අඟවමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දැන්වීම් පත්‍රිකා අලවා ඇතැයි වාර්තා වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී එරට ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක් පසුගිය (12) වැනිදා දිනද පවත්වන ලදී.

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා -20 අන්තර් ආගමික සමුළුවේ දේශනයක් පැවැත්වීමට සහභාගි වෙමින් සිටිය අතරතුරදීය.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සත්‍ය සොයා හෙළි කරන ලෙසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙලි කර සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය තෙක්ම මෙම ප්‍රශ්නය රැගෙන යන බවද විරෝධතාකරුවන් කියා සිටියහ.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහඳ හමුවක් පසුගිය (14) වැනිදා බොලොඤ්ඤා හි දී පැවැත්වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී මෙම සුහඳ හමුව සිදු වී තිබේ.

ඉන්දික ශ්‍රී අරවින්ද


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka