gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිත ගෑස් සමාගමක් අත්පත් කර ගැනීමේ සැලසුමක?

රට පුරා පවතින ගෑස් හිඟය ඇතිවීමට හේතුව තමන් විසින් ගෑස් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් බවට කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව පෙන්වා දෙන යෝෂිත රාජපක්ෂ මහතා අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ මහජනතාව සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීම බව පෙන්වා දෙයි.

“යෝෂිතගෙන් ගෑස් සමාගමක් – ගෑස් අර්බුධයේ ඇඟ හිරිවැටෙන කතාව මෙන්න” වැනි ආකර්ශනීය සිරස්තල යොදමින් ජනතාව නැවත වරක් රත්තරන් අශ්වයන් සිටිනවා යැයි කියමින් රැවටූ ආකාරයටම නැවත රැවටීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන ඇතැම් අර්බුධයන් ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka