පානදුර බසයක ගමන් ගත් කතක් අසුනේම මියගිහින් !
හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් අද රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර බසයක ගමන් ගත් කතක් අසුනේම මියගිහින් !
2021-08-10T21:52:00+05:30
Gossip Lanka Hot News






