එන්නත්කරණයෙන් දැන් කොරෝනා පාලනය කරන්න බෑ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනතුරු අඟවයි
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ එන්නත්කරණයෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
වේගවත් එන්නත් ක්‍රියාවලියක් රට තුළ ක්‍රියාත්මක වුවද මේ වන විට ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආසාදිතයන් වාර්තා වීම සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ එන්නත් මඟින් ගත හැකිව තිබූ වාසිය ගැනීමට නොහැකිව ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ ආසාදිතයන්ගේ වාර්තා වීම තීරණාත්මක වන බවත් ඒ මහතා පැවසුවේය.නිවැරදි වේලාවට තීන්දු ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බවත් නොඑසේ නම් තත්ත්වය මීට වඩා බරපතළ වන බවත් හෙතෙම පැවසීය.
එන්නත්කරණයෙන් දැන් කොරෝනා පාලනය කරන්න බෑ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අනතුරු අඟවයි
2021-08-17T08:22:00+05:30
Gossip Lanka Hot News






