gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විමුක්තිගේ දේශපාලන ගමනට "සුනේත්‍රා" ලොකු අම්මා හරහට !

විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලන ආගමනය තාවකාලිකව නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඊට විමුක්ති කුමාරතුංග මහතාගේ ලොකු අම්මා වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය විසින් දක්වා ඇති දැඩි විරෝධයයි.

සුනේත්‍රා බණ්ඩාරනායක විරෝධය

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ වැඩිමහල් සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලන ආගමනයට දැඩි විරෝධයක් දක්වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙරද විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනය එන බවට ප්‍රවෘත්ති පළ වූ මුත් එය ප්‍රතික්ෂේප කරමින් ඊට කිසි විටෙකත් කුමාරතුංග මහතා පිළිතුරු දුන්නේ නැහැ.

ඊට මෙතෙක් පිළිතුරු දුන්නේ ඇගේ මව වන හිටපු ජනපතිනියයි.

නිවේදනය පිටුපස ඇති බලපෑම

ඒත් මෙවර විමුක්ති කුමාරතුංග මහතාම තමා ශ්‍රී ලාංකීය දේශපාලනය එන පුවත අසත්‍යක් බව සඳහන් කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.

ඒ ඔහුගේ ලොකු අම්මා වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය විසින් මෙරට සිට බ්‍රිතාන්‍යයේ ජීවත් වන විමුක්ති කුමාරතුංග මහතාට කළ බලපෑමක ප්‍රතිඵලයක් ලෙස බවටයි තොරතුරු වාර්තා වන්නේ.

විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකේය දේශපාලන ආගමනය පිළිබඳව ප්‍රවෘත්තිය උණුසුම් වීමත් සමග සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය දිගින් දිගටම ලන්ඩනයේ සිටින විමුක්ති කුමාරතුංග මහතාට කතා කොට එම අදහස වහාම වෙනස් කරගන්නා ලෙස දැනුම් දී  තිබෙන බවත් වාර්තා වනවා.

විමුක්ති වෙනුවෙන් පෙරමුණ දෙකක්

විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලන ආගමනය සඳහා කුමාර වෙල්ගම මහතා විසින් දේශපාලන පක්ෂයක්ද මංගල සමරවීර මහතා විසින් මතවාදාත්මක සංවිධානයක්ද බිහි කිරීමටත් කටයුතු කළා.

සිය නව දේශපාලන පක්ෂය හරහා මෙරට ප්‍රභූ දේශපාලන පවුලක පුත්‍රයෙකු දේශපාලනික එන බවයි කුමාර වෙල්ගම මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ.

ඒ විමුක්ති කුමාරතුංග මහතා බවයි කුමාර වෙල්ගම මහතාට සමීප ආරංචි මාර්ග පෙන්වා දුන්නේ.

ශ්‍රී ලාංකේය දේශපාලනයට පැමිණීම සඳහා විමුක්ති කුමාරතුංග මහතාගේ කැමැත්ත ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලබාගෙන තිබුණු බවයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka