කෝවිඞ් 19-සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල හෙවත් ඉටුකම නමින් අරමුදලක් මේ වන විටත් ස්ථාපිත කර තිබියදී රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම කොවිඞ් අරමුදලක් පිහිටුවා තිබේ.
මෙම අරමුදල සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැතිඇමතිවරු 14 දෙනෙකු සිය වැටුප පරිත්‍යාග කිරීමට නියමිත ය.
ඔවුන්ට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පලාත් පාලන නියෝජිතයන් 1300 ක ප‍්‍රමාණයක් ද සිය වැටුප අරමුදල සදහා පරිත්‍යාග කරන බව පැවසේ.
හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම අරමුදල පිහිටුවීමට නියමිත ය.
අරමුදලට එකතු වන මුදල් කෝවිඞ් රෝගීන්ගේ සුබසාධනය සදහාත් – ඔක්සිජන් සහ රෝහල් උපකරණ මිලදී ගැනීම සදහාත් යොදවන බව වාර්තා වේ.
