gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා ගණන්හිලව් අලි බොරුවක්! ගම්පහ දින 9ට රෝගීන් 12,555ක්! රටට කිව්වේ 3,629යි!

සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛන සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි. 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණ විය.

එමෙන්ම නැගෙනහිර පළාතෙන් 10 වැනිදා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව අනාවරණ විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව රැස්වූ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ආසාදිතයින් 7,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට එහිදී අනාවරණය විය.

මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි.

කෙසේ වෙතත්, එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තාවී ඇති බව ඊයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය වුණි.

එනම් එම කාලසීමාව තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා ආසාදිතයින් 8,926ක් වැඩියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය.

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවට සැලකිය හැකි දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය 1,395ක් වැනි ඉහළ අගයක් ගැනීමය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙලෙස දින 09 කදී වාර්තා වූ ආසාදිතයින් 12,555 දෙනා සැලකීමේදී ඉන් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් ලෙස දැක් වෙයි.

එනම් අදාළ දින 9ක කාලය තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ සමස්ත ආසාදිතයින් ගණන වූ 3,629ද ඉක්මවා ආසාදිතයින් ප්‍රමාණයක් රෝහල්ගතකර තිබෙන බව පෙනීයයි.

තවත් 1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද ඊයේ වාර්තා විණි.

සමස්තයක් ලෙස සැලකීමේදී ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබද සංඛ්‍යාවල අවුල්සහගත තත්ත්වයක් පවතින පසුබිමක නැගෙනහිර පළාතේ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්තවල පරස්පරතාවක් මතුවන්නේ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණයකළ දත්ත කිහිපයක් හේතුවෙනි. 

ඔහු පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය.

ඒ අනුව, ඊයේ රජය නිකුත් කළ දත්තවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් විය යුතුය. 

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස රජයේ දත්තවල සඳහන් වුවද එය 163ක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේද ඊයේ ‍රජය තහවුරු කළ සටහනේ දැක්වෙන්නේ ආසාදිතයින් 78ක් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 332ක් ලෙස දැක්වෙයි.

එබැවින් දත්තවල ඇති අවුල් සහගත තත්ත්වයක් මනාව පිළිබිඹු වෙයි. -(අද දෙරණ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka