gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහලින් පැන්න කොරෝනා ආසාදනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා නිවසේ සැඟව සිටියදී වහලේ උළු ගලවා පොලිසිය අල්ලා ගනී

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලින් පළායාමේ සිදුවීමක් මත පුවත්පත් මාධ්‍යවේදියෙකු හසුකරගැන්මේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව තලංගම පොලිසිය වාර්තා කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ මෙම මාධ්‍යවේදියා එම රෝහලින් පළාගොස් ඇති බවට රෝහල් බලධාරීන් රෝහල් පොලීසියට පැමිණිලි කර තිබු අතර ඔහුගේ ලිපිනය අයත්ව තිබුනේ තලංගමට නිසා ඔහු ගැන සොයා බැලීමක් කරන ලෙස එම පොලිසියට දන්වා ඇත.

තලංගම පොලීසිය අදාළ ලිපිනය පරීක්ෂා කිරීමේදී මාධ්‍යවේදියා ඔහුගේ නිවසට ගොස් තිබූ බව හෙළිවූ අතර පොලීසිය පැමිණ දොරට ගැසූවත් ඔහු නිවසේ දොර ජනේල වසාගෙන සැඟව සිටි බව වාර්තාවේ.

 ඔහුගේ පෞද්ගලික දුරකතනයට හා නිවසේ ස්ථාවර දුරකතනයට ඇමතුම් කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ බවත් නිවසේ ස්ථාවර දුරකථනයේ රැහැන් ගලවා ඉවත්කර තිබූ බවත් තලංගම පොලීසිය දන්වා ඇත.

පසුව පොලීස් නිලධාරීන් එකී නිවසේ වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළුවීමට සිදුව ඇති අතර  නිවස තුළ සැඟව සිටි ඔහුව ඒ අනුව හසුකරගෙන ඇත. අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කර තිබේ. මේ වන විට ඔහු නිවසේම තබා නිරෝධායනය කිරීමට සලසා ඇත.

රෝහලින් පළායාමේ හේතු මත මාධ්‍යවේදියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ජාතික පුවත්පතක විදෙස් පුවත් කර්තෘ ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මොහු පසුගිය කාලයේ වැරදි පුවත් පළකිරීම් කිහිපයක් නිසා ආන්දෝලනයක්ද ඇති කළ අයෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka