ඉෂාලිනීගේ මරණය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි
ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල ලබා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස් වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (අගෝස්තු 23) නියෝග කළාය.
එමෙන් ම, සැකකාර මන්ත්‍රීවරයා සැප්තැම්බර් 6 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව් දෙනා ලබන සැප්තැම්බර් 6 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළාය.
ඉෂාලිනීගේ මරණය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි
2021-08-23T17:22:00+05:30
Gossip Lanka Hot News






