ඔක්සිජන් ඉල්ලුම වේගයෙන් ඉහලට.. ඉන්දිවෙන් සතිපතා ඔක්සිජන් තොග මිලට ගනී !
සතිපතා ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
මේ වන විට මෙරට ඔක්සිජන් මත යැපෙන ආසාදිත සංඛ්‍යාව ඉහල යාම නිසා රෝහල්වලින් ඔක්සිජන් සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වී තිබේ.
දැනටමත් මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන්ම රෝහල සඳහා නිකුත් කරමින් සිටී.
ඒ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ අතිරේක තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
දැනටමත් චීනයෙන් හා සිගප්පූරුවෙන් ඔක්සිජන් තොග මෙරටට ආනැවුම් කර ඇත.
ඔක්සිජන් ඉල්ලුම වේගයෙන් ඉහලට.. ඉන්දිවෙන් සතිපතා ඔක්සිජන් තොග මිලට ගනී !
2021-08-14T13:29:00+05:30
Gossip Lanka Hot News





