ඩොලර් හිගය උග‍්‍රයි! ගම්මන්පිල අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි!
දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ සාකච්ඡාවක් පැවත්වී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කොළඹ සිටින එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා අතර මෙම සාකච්ඡාව ඊයේ දින පැවැත්වී ඇත.
ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බව උදය ගම්මන්පිල මහතාගේ සමාජ ජාල ගිණුම් සටහන් කර තිබේ.
එම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාට අමතරව එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වී තිබිණි.
ඩොලර් හිගය උග‍්‍රයි! ගම්මන්පිල අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි!
2021-08-24T11:35:00+05:30
Gossip Lanka Hot News






