gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇෆ්ගන්වලින් පලා යමින් සිටි වැසියන් දෙදෙනකුට අත්වූ ඇඟ කිළිපොලා ඉරණම - (video)

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර තලේබාන් ත්‍රස්තයන් යටතට පත් වීමෙන් පසුව දස දහස් ගණනක සිවිල් වැසියන් පිරිසක් බියෙන් පලා යමින් සිටියි.

එරට ගුවන්තොටුපොළ පිරී ඉතිරි ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ගුවන් යානාවලට ගොඩ වීම සඳහා කාබුල් වැසියන් පොර කමින් සිටින බවයි සඳහන් වන්නේ. කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල මෙලෙස දැඩි තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් රැගෙන යෑමට පැමිණි සිටින අමෙරිකානු හමුදාවන් විසින් මෙම තදබදය තුළ ඇතිවූ කලබලයක් හේතුවෙන් අහසට වෙඩි තැබීමක් ද කර තිබුණු බව සඳහන්.

මේ අතර ඉතාමත් බිහිසුණු මෙන්ම ඇඟ කිළිපොලා යන මාධ්‍ය වාර්තාවක් ඉරාන මාධ්‍ය විසින් අද (16) දිනයේ දී වාර්තා කර තිබුණා.

ටෙහෙරාන් ටයිම්ස් මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර තිබුණේ මෙලෙස පලා යමින් සිටි සිවිල් වැසියන් දෙදෙනකු ගුවන් යානයක රෝද මත සැඟව සිට ඇති බවයි.

ගුවන් යානය ඉහළට පියාසැර කරනවාත් සමඟම මෙම රෝද ගුවන් යානය තුළට ගැනීමේ දී අදාළ වැසියන් දෙදෙනාව ඉන් විසි වී බිමට ඇඳ වැටෙන අයුරු මෙලෙස කැමරාවක සටහන්ව තිබුණි.

එම සිවිල් වැසියන් දෙදෙනා වැටෙන ආකාරය (සංවේදී දර්ශනයකි)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka