gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නයනතාරා කොරෝනාවෙන් අසාධ්‍ය වී රෝහලට - හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින තමන් අසාධ්‍ය වී කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද බව ජනප‍්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි සඳහන් කරයි. එම රෝහලේ සිටිමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ මුල් දින කිහිපයේ දී තමන්ට කිසිදු අසනීප තත්ත්වයක් නොතිබුණු නිසා තමන් එය එතරම් නොතැකූ නමුත් පසුව ඇති වූ දැඩි අපහසු තාවයන් මත රෝහල්ගත වූ බවයි.

දැන් වුවද තමන්ට කතා කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බවත් එනිසා මෙම බරපතල තත්වය සලකමින් සියළු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන්නැයි ඉල්ලා සිටින බවද ඇය සදහන් කලාය.

මෙම රෝගය ඉතාම බරපතළ එකක් බවත් එනිසා සියලු දෙනාම ප්‍රවේශම් වන්නැයිද තමන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka