''රට තුළ ඇති තත්ත්වයට මුල ජනපති කේවට්ටයින්ගෙන් උපදෙස් ගැනීමයි'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය ඇති වී තිබෙනුයේ ජනාධිපතිවරයා වටා සිටින කේවට්ටයින් කිහිප දෙනෙකු නිසා බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
මේ අවස්ථාවේ අදාළ කේවට්ටයින්ගේ නම් හෙළි නොකරන නමුත් ඉදිරියේදී එම නම් හෙළි කිරීමට සිදු වනු ඇතැයි උන් වහන්සේ පැවසූහ.
රට තුළ පෝලිම් ඇති වීමට හේතු වී ඇත්තේ ද, මෙම කේවට්ටයින්ගේ උපදෙස් හේතුවෙන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ.
කේවට්ටයින්ගේ උපදෙස් මත කටයුතු නොකර නිසි තීන්දු ගනිමින් ප්‍රශ්න විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එහිදී උන් වහන්සේ පැවසූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට 'රට රකින හඬ' සංවිධානය විශාල මෙහෙවරක් කළ බව ජනාධිපතිවරයාට මතක තිබේ ද යන්න පවා ගැටලුවක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේය.
''රට තුළ ඇති තත්ත්වයට මුල ජනපති කේවට්ටයින්ගෙන් උපදෙස් ගැනීමයි'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
2021-08-22T07:36:00+05:30
Gossip Lanka Hot News





