මිහින්තලේ රක්ෂිතය නීති විරෝධීව ඩෝසර් කරයි... වනසංරක්ෂණය අත්අඩංගුවට ගන්න යද්දී ඇමැති චන්ද්‍රසේන මැද්දට පනී - (video)
කාබනික පොහොර ව්‍යාපෘතියකට බව පවසමින් කිසිදු ලියවිල්ලකින් තොරව නීති විරෝධී ආකාරයට කිසියම් පිරිසක් විසින් මිහින්තලේ වන රක්ෂිතය එළිපෙහෙළි කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ එය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
එහිදී ව්‍යාපෘතියේ බාරකරුවකු යැයි කියා ගත් පුද්ගලයකු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ගෙන තත්ත්වය පැහැදිලි කර දුන් ආකාරය දැකගත හැකි විය.
එහිදී අමාත්‍යවරයා සහ වනසංරක්ෂණ නිලධාරියා අතර දුරකතන සංවාදයක්ද සිදුවූ අතර පසුව පැමිණ සිටි පිරිස සහ බැකෝවක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණ.
මිහින්තලේ රක්ෂිතය නීති විරෝධීව ඩෝසර් කරයි... වනසංරක්ෂණය අත්අඩංගුවට ගන්න යද්දී ඇමැති චන්ද්‍රසේන මැද්දට පනී - (video)
2021-08-23T10:03:00+05:30
Gossip Lanka Hot News





