දවසේ කතාව….. තවම කොවිඩ් සමාජ ගත වී නෑ… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කියයි
තාක්ෂණික වශයෙන් සමාජ ගතවීම යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාලන කටයුතු සදහා භාවිත කරන වචනයක් බවත් මේ වන විට වෙනදාවට වඩා රෝගීන් සමාජයෙන් හමුවෙන බව අප පිළිගන්නා කරුණක් වුවද තාක්ෂණික වශයෙන් රෝගය සමාජගතවීමක් තවමත් උද්ගතව නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.
ඔහු මේ පැහැදිලිකිරීම කළේ කොවිඩ් සමාජගත වී ඇත්දැයි අද (19) කළ විමසීමකදී ය.
පවතින තත්ත්වය යටතේ ආශ්‍රිතයින් හඹාගොස් සොයා ගැනීම තවමත් ඉහළ අගයක තිබෙන බැවින් වෙනදාවට වඩා රෝගීන් හමුවෙන බව පිළිගත හැකියැයිද ඔහු කියයි.
පසුගිය කාලේ නොයෙකුත් හේතු මත මිනිසුන් ඒකරාශි වුනබැවින් එහි ප්‍රතිපල අද අපි බුක්ති විඳින බවත් අවුරුද්දට එකරාශී විම හා පසුව ඒකරාශී වීම යනුවෙන් වයිරසයට දෙකක දෙකක් නොමැති බවත් මිනිසුන් කුමණ හෝ දේකට ඒකරාශී වීම වයිරසය ව්‍යාප්තියට හේතුවක් වන බවත් වෛද්‍ය හේමන්ත මහතා සදහන් කරයි.
උපුටා ගැනීම : lankasara
දවසේ කතාව….. තවම කොවිඩ් සමාජ ගත වී නෑ… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කියයි
2021-08-19T19:25:00+05:30
Gossip Lanka Hot News





