ඉන්දියාවෙ වගේ කොරෝනා වැඩි වුණොත් අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි! සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්!
ඉන්දියාවේ මෙන් මෙරටද කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සීමාවන් ඉක්මවා ගියහොත් සෞඛ්‍ය අංශයටද සිදුවන්නේ බලා සිටීමට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍රතාවය වැඩි වුවහොත් සෞඛ්‍ය අංශවලටද එය පාලනය කිරීමට අපහසු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.
එම නිසා එවැනි තත්ත්වයක් උදා නොවීමට සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
එසේම සංචරණ සීමා පැනවීම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට හොඳ විසඳුමක් බවත්, ඒ පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දියාවෙ වගේ කොරෝනා වැඩි වුණොත් අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි! සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්!
2021-08-05T11:10:00+05:30
Gossip Lanka Hot News






