gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලීමේ මුවාවෙන් රටේ ආර්ථිකයට හානි කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් - GL

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා කතෝලික පල්ලිය නිර්මල චේතනාවෙන් යුතුව ගත් ක්‍රියාමාර්ග අවභාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුකිරීමට ජාත්‍යන්තර තලයේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. 

"මම ඉල්ලීමක් කරලා තිබෙනවා මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් උන්වහන්සේ හමුවීමට. පාස්කු ප්‍රහාරය මේ රට තුළ සහ විදේශවල රජය මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන සියලුම පියවර පිළිබඳ උන්වහන්සේව දැනුවත් කිරීම තමයි මගේ අරමුණ වෙලා තිබෙන්නෙ. වින්දිතයින් වෙනුවෙන් සාධාරණත්වය අපේක්ෂා කිරීම - මේක තමයි කතෝලික පල්ලියේ පැහැදිලි අරමුණ. 

හැබැයි ඒ ඉතාමත් නිර්මල චේතනාවෙන් කතෝලික පල්ලිය ගත් ක්‍රියාමාර්ග යම් යම් පිරිස් සම්පූර්ණයෙන් වෙනස් අරමුණු සඳහා භාවිතා කිරීමට දැඩි උත්සාහයක් දරණ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ අය විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර තලයේ. ඒ අයට අවශ්‍ය වෙලා තිබෙන්නෙ ආණ්ඩුවක් අසීරුතාවයට පත්කිරීම නොවෙයි, අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි. දැන් ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලිව කියනවා ඒ උත්සාහය සාර්ථක වීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳ අදාළ කරුණු සියල්ලම සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර අපි විධිමත් ලෙස ක්‍රමානුකූලව අරගෙන යනවා"

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka