gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ලා තාලිබාන්ලා වගේ රටේ බලය අල්ලන්න බලා ඉන්නවා… මේ අය ජාත්‍යන්තර කුමන්ත්‍රණවල බළල් අත් – විමල්ලාට ලොකුගේත් ගහයි - (video)

ආණ්ඩුවේ සහෝදර දේශපාලන පක්ෂවල නායකයින් රට වසා නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලයේ දී ජනතාධිපතිවරයා සමඟ එකඟ වී අනතුරුව එළියට ගොස් රට වසා දමන ලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ යැයි ඇමැති ගාමිණී ලොකුගේ පවසයි. ඒ පිළිබඳ කැබිනට් හමුවේ දී හෝ මන්ත්‍රී හමුවේ දී හෝ නොඑසේ නම් පුද්ගලිකව හමු වී නොපවසා වෙනම ප්‍රකාශ නිකුත් කිරීම තුළ ආණ්ඩුවේ අර්බුදයක් රටට පෙනෙන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

ආණ්ඩුව දැනුම්වත් නොකර මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමෙන් මේ කණ්ඩායම යම් ජාත්‍යන්තර බළල් අතකට හසුව ඇතැයි සිතෙන බව ද ගාමිණී ලොකුගේ සඳහන් කරයි.

ඇතැමුන් ඇමරිකන් ආණ්ඩුව ඇෆ්ගනිස්ථානයෙන් ගිය පසු තාලිබාන්වරු බලය ඇල්ලුවා මෙන් ලංකාවේ බලය ඇල්ලීමට සිහින දකින බවත් ඇතැම් කණ්ඩායම් වේගයෙන් ජාත්‍යන්තරය මගින් බිලි බා ගෙන ඇති බව පෙනෙන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇමැති ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කළේ ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka