gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාලය පැනලා ඉවරයි... දැන් රට වහලා බේරාගන්න පුළුවන් තත්වයක් නෑ... මේක තමයි ඇත්ත - ඇමති දිළුම්

රට වසා දමා බේරාගත හැකිව තිබුණු කාලය ඉක්මගොස් ඇති බවත් රටේ පවතින කොවිඩ් තත්වය එතරම්ම දරුණු හෙයින් ජනතාව සත්‍යයට මුහුණ දිය යුතු බවත් ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි. 

"වසංගත රෝග මර්දනය කළ හැක්කේ වෘත්තීය සමිති කියන විදියට නෙවෙයි සෞඛ්‍ය අංශ කියන විදියට. ඒ නිසා මේ වෘත්තීය සමිති සමහරක් තමයි මේ දක්වා ඒ වෛරසය ව්‍යාප්ත වෙන්නත් ඒ වගේම මේ දක්වා මරණ සංඛ්‍යාව වැඩි වෙන්නත් හේතුවෙලා තියෙන්නෙ. මොකද දිගින් දිගටම සෞඛ්‍ය අංශයේ උපදෙස් නොතකා උද්ඝෝෂණ කෙරුවා සහ නොයෙකුත් පෙළපාලි ගියා, රථ පෙළපාලි ගියා. දැන් වෛරසය ව්‍යාප්ත කරලා ඉවර වෙලා දැන් ලොක්ඩවුන් කරන්න කියනවා.

ඉතිං මේක සංවිධානය කරපු අය කවුද කියලා අපි හොයලා බැලුවා. මේක ඉතාම පැහැදිලියි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරු තමයි මේවා සංවිධානය කරලා තියෙන්නෙ. ඒ අයට ඉතාම වුවමනාවක් තියෙනවා උද්ඝෝෂණය කරලා මේක වැඩිකරලා ආපහු ලොක්ඩවුන් කරන්න කියලා ආර්ථිකය බිඳවට්ටලා ආපහු ආණ්ඩු පෙරළන්න. එහෙම හිතන් ඉන්නවා නම් ඒක හීනයක් විතරයි. රජය සහ සෞඛ්‍ය අංශ පැහැදිලිව තීන්දු කිහිපයක් අරගෙන තියෙනවා මේකට කරන්න අවශ්‍ය මොකක්ද කියන කාරණය. ඒවා ඒ විදියට කරගෙන යනවා. කාටහරි වර්ජනය කරන්න ඕනෙ නම් කරන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් මේක කීපවතාවක්ම ලොක්ඩවුන් කරලා නැවත විවෘත කරපුවාම නැවත ඒ තත්වයටම පත්වෙනවා. වහපුවාම අරින්න කියනවා, ඇරපුවාම වහන්න කියනවා. දේශපාලනය කරනවා වෛරසයක් භාවිතා කරලා. ලොකුම වෛරසය ඔය දේශපාලන වෛරසය" 

"දැන් වහන්න කාලය පැනලා ඉවරයි. මේක පහුගිය කාලෙ අපි දැක්කා සමහරක් තැන් වහන්න කිව්වත් ඇරලා තිබුණා ඔබතුමාලා දැක්කානෙ පහුගිය කාලෙ. දැන් මේක ඉතාම දරුණු තත්වයට පත්වුණාම වහනවා. ඉතිං දැන් ඇත්ත වශයෙන් එක එක තැන් වහලා මේක බේරාගන්න පුළුවන් තත්වෙක නෑ, අපි ඇත්ත කතාව කියන්න එපැයි. ඉතිං දැන් තියෙන්නෙ පුළුවන් තරම් ඉක්මනට එන්නත්කරණය ක්‍රියාත්මක කරලා මේකෙන් යම් ආවරණයක් ලබාගන්න කටයුතු කරන්නයි. දැන් මේක තියෙන තත්වයේ හැටියට වහලා තිබිලා ඇරපු ගමන් ආයෙ බෝවෙනවා. ඉතිං ඒක තමයි ඇත්ත තත්වය. අපි ඇත්තට මුහුණ දෙන්න එපැයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka