gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මංගල ආ ‘දෙරණ 360’ වැඩසටහනට පෙර වූ බිය ගැන්වීම් දිල්කා හෙලි කරයි

කොරෝනා ආසාදනයෙන් අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා සහභාගි වූ 3660 වැඩසටහනක් සහ ඔහු සම්බන්දෙන් වූ මතකය පිළිබඳ දෙරණ මාධ්‍යවේදිනි දිල්කා සමන්මලී මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

සමරවිර මහතා සහභාගි වූ එක් වැඩසටහනකට පෙර කිහිප දෙනෙකුගේ බියගැන්වීම් ද සිදු වූ බව ඇය එහිදී කියා සිටියි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

—-

ඔව් ඔහු වෙනස්..එතුමන් මා ඇමතුවේ සමන්මලී යන නමින්.වසර 14 ක 360 වැඩසටහන් ඉතිහාසය තුල(අතර මැද වසර 3 1/2 ක් හැර )500කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සදහා සහභාගී වූ ආරාධිතයින් අතරින් සමන්මලී යන නමින් මා ඇමතූ එකම දේශපාලන චරිතය ඔහුයි.,(,බොහෝ අය කිව්වෙ ඒකත් එතුමන්ගෙ ස්ට්‍රැටජි එකක් කියල)ඒ 2007.08.26 මා මෙහෙයවූ 17 වන 360 වැඩසටහන.කීහිප දෙනෙකුගේම බියගැන්වීම් සමග කල වැඩසටහනක් නිසා ඒ වැඩසටහන මට හොඳට මතකයි.(ජයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහතාගේ වැඩසටහන ද එවැනිම එකක්)මංගලගෙන් පරිස්සම් වෙන්න කට හොඳ නෑ එහෙම තමයි ගොඩක් අය කිව්වෙ.

ඒත් වැඩසටහන අවසන් වන විට ඔහුගේ කට හොඳ නැති බව සැබැවින්ම කුමක්දැයි මා හදුනා ගෙන තිබුනා..ඒකට හේතුව ඔහු කියන්න හිතන දේ ඒ අයුරින්ම කියන කෙනෙක්.ඒ ගැන අනිත් අය මොනව හිතාවිද කියන එක එතුමට අදාල උනේ නෑ.පසුව එතුමන් විසින් කල බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ වලටත් හේතුව මේ ස්වභාවයයි කියන එකයි මගේ හැගීම.මගේ පුද්ගලික මතය (තම මතවාදය මොක උනත්)එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි.

එදා මට සුභපතා ගිය එතුමන් ඊට පසු මේ වසර ගණනාවටම මට මුණගැහෙන්නෙ අවස්තා 2ක් පමණ යි. එහෙම වෙලාවක, “කාන්තාවෝ ඔයා විදියට කතාකරන්න ,ප්‍රශ්න කරන්න ටිකක් බයයි ලංකාවෙ,ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්,good.” ඒ රූපවාහිනී වැඩසටහනකින් පිටත ඔහු මට කියූ එකම වචන ටික.ඔහු නැවත මට හමු උනානම් ඒක මතක් කරන්න මං හිතාගෙන හිටිය.ඒත් නැවත එතුමන් හමුවෙන්නෙ නෑ…

එතුමන් සෙවූ ආත්මීය නිදහස එතුමන්ට හිමිවේවා…

– Dilka Samanmali FB


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka