gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘මටත් අමාරුයි! පඩියෙන් බාගයක් දෙන්නම්! මට මෙහෙම නම් රාජ්‍ය සේවකයන්ට කොහොම අමාරු ඇද්ද!’ ඩිලාන් ප්‍රසිද්ධියේම කියයි

ආර්ථික අපහසුතා හේතුවෙන් සිය සම්පූර්ණ වැටුප පරිත්‍යාග කළ නොහැකි බවත්, තමා දැන් නීතීඥ වෘතියේද නොයෙදෙන බැවින් එලෙස මුලු වැටුප පරිත්‍යාග කලහොත් තමාට ජීවත් වීමටවත් නොහැකි නිසා වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල වෙනුවෙන් කැප කළ හැකි බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමාගේ සියලු ඉතුරුම් පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කර ඇතත් එම ආයතනය කඩා වැටීමෙන් ඒ සියලු මුදල් අපතේ ගිය බවත් ශත පහක් වත් ලබාගත නොහැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය .

සිය බිරිඳගේද සුලු රැකියාවෙන් ජීවත් වන බව පවසන මන්ත්‍රීවරයා සමාජ වගකීමක් ලෙස සිය වැටුපෙන් 50%ක් පරිත්‍යාග කරන නමුත් රජයේ සේවකයන්ට ඒ නිසාම කැප කිරීම් කරන්නැයි ඉල්ලා සිටිය නොහැකි බවත් සඳහන් කළේය

” මට මෙහෙම නම් රාජ්‍ය සේවකයන්ට කොයි තරම් අමාරු ඇද්ද?” ඔහු විමසා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka