ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් ඒ මහතා කියා සිටියි.
තමන් මෙතෙක් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා දැනට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල පහල යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩු වී නැතැයිද සඳහන් කළේය.
